Wednesday, December 12, 2018

සජිත් ප්‍රේමදාස : එහෙම කිවුවේ ඇයි ?

'
සජිත් ප්‍රේමදාස මහතාගේ ට්විටර් පිටුවෙනි
2018 දෙසැම්බර් 10 වෙනිදා කථාවක් අතරතුර මෙන්න මේ වගේ අදහසක් එතුමා ඉදිරිපත් කළා
"අපි මේ ගමන පටන් ගන්නේ ජනාධිපතිවරණ සටන දිනලා" (එයට කලින් රනිල් වික්‍රමසිංහ මහතා කථාවක් කරනවා).
හරියටම කියපු විදියට නැතත්, මේ අදහස තමයි එතුමා ඉදිරිපත් කළේ.  ඇත්තටම එහම කිවුවේ ඇයි ? ඔබට මතක ඇති හිරුනිකා නෝනා බොහොම හදිසියේ මාධ්‍ය සාකච්චාවක් තියලා කියනවා "අගමැති සජිත් - ජනපති  රනිල්" කියළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැමදාමත් කළා වගේ මේ පාරත් ජනපති සටනට සජිත් ඉදිරිපත් කරලා, බේරෙන්න ඉඩ තියෙන බව සජිත් දන්නවා. සජිත් මේ වෙලාවේ අගමැති කම බාර නොගන්න හේතුවත් ඒක කියන එක තමයි අපේ විශ්වාසය. එහෙම වණොත් ජනපති සටනට ඉබේම අහු වෙනවා. එතැනදී පරාජය වුණොත්, ආයි කපෝති තමයි. මේ වගේ ඉදිරිපත් වෙන මර උගුල් වලින් බේරී - බේරී බොහොම පරිස්සමට සජිත් ගමන යන බව පේනවා. මොකද අගමැති කම සජිත්ට දෙනවට විරුද්ධ බොහොමයක් දෙනා එජාපයේ ඉන්නවා. ඒ රාජිත, චම්පික, රවී කියන කණ්ඩායම. අනික ජනපතිගේ බලතල සීමාසහිත කරලා තියෙන්නේ. චම්පික රණවකත් ජනාධිපතිවරණය මුලින් තියන්න කියළා, ජානධිපතිට අභියෝග කරනවා. මේ හැම කෙනෙකුටම ඕනේ රනිල්ව ඒකට යවලා, අගමැති සටනට එකතු වෙන්න. මේ අය අතරේ තියෙන තරගය ජනාධිපති වරයාත් දන්නවා. ඒ නිසා තමයි මහ මැතිවරණය තියන්න සුදානම්. එතකොට මේ කුලල් කෑ ගැනීම වැඩි වෙනවා. එහෙම වුණොත් ජනාධිපතිවරණයට කරදරයක් නැතිව එතුමාටම ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද එතැනදී එජාපය කාගේ නායකත්වයෙන් ඉදිරිපත් වුණත්, අනික් අය සහයෝගය දෙන්නේ නෑ. එනිසා මහ මැතිවරණය පරාජය වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා. එතකොට පොහොට්ටුව පැත්තෙන් අගමැති ආවම, ජනාධිපති තනතුර ගැන කවුරුවත් එලවන්න යන්නේ නෑ.

Tuesday, December 11, 2018

එහෙම කිවුවේ ඇයි

එහෙම කිවුවේ ඇයි? මේ නම තෝරා ගත්තේ විශේෂ කාරණයක් නිසා. මේ දවස් වල දේශපාලන වේදිකාවේ හැම පක්සේකටම අයිති දේශපාලනඥයි විවිධ අදහස් පළ කරනවා. සමහරක් ඒවා හුදු විනෝදාස්වාදය මත පදනම් වෙච්ච ඒවා. නමුත් සමහරුන්ගේ වචන වල යම්-යම් අරුත් ගැබ් වෙලා තියෙනවා. අපි මෙතැනදී කිසිම දේශපාලන මතයක් දරන්නේ නෑ. මෑතකදී අන්තර්ජාලයෙන් ලිපියක් කියවන්න ලැබුණා, ප්‍රභාකරන්ගේ විරුදින කතාව මත පදනම් වෙලා ඉදිරියේදී වෙන දේ අනුමාන කරන්න ගත් උත්සාහය සහ එහි සාර්ථකත්වය. අපිත් මෙතැනදී කරන්න හදන්නේ අන්න වගේ වැඩක්. මෙතැනදී අපි පූර්ව නිගමන වලට එල්බ ගන්නේ නෑ. නමුත් මේ මොහොතේ සිදු වෙන දේ අනුව වෙන්න යන දේ ගැන යම් අදහසක් ගන්නයි උත්සාහය. අපිට වරදින්න පුළුවන්. නමුත් මේ ඔස්සේ අත්දැකීම් සමග යම් දියුණුවක් ලබන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. අනිත් කාරණය තමයි කථිකයින් අතින් ඔවුන් නොහිතාම පිට වෙන වචන වලින් ඔවුන්ගේ සිතැඟි තේරුම් ගන්න තියෙන හැකියාව. අපි බලමු සමහරවිට පුළුවන් වෙයි.හැමෝටම ආරාධනය කරනවා මඩ නැති විද්වත් සංවාදයක යෙදෙන්න.

මේඅදහස පහළ වුණේ ඊයේ පෙරේදා අපේ දේශපානඥයින් ප්‍රකාශ කරපු සමහර කියමන් සහආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කථා වලට පදනම් කරගෙත්ත ආකාරය හිතලා. බලමු හරිය යයිද කියලා. අපි කියන දේවල් දිහා පාට කණ්ණාඩි වලින් බලන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

සජිත් ප්‍රේමදාස : එහෙම කිවුවේ ඇයි ?

' සජිත් ප්‍රේමදාස මහතාගේ ට්විටර් පිටුවෙනි 2018 දෙසැම්බර් 10 වෙනිදා කථාවක් අතරතුර මෙන්න මේ වගේ අදහසක් එතුමා ඉදිරිපත් කළා "අපි...