මේඅදහස පහළ වුණේ ඊයේ පෙරේදා අපේ දේශපානඥයින් ප්‍රකාශ කරපු සමහර කියමන් සහආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ කථා වලට පදනම් කරගෙත්ත ආකාරය හිතලා. බලමු හරිය යයිද කියලා. අපි කියන දේවල් දිහා පාට කණ්ණාඩි වලින් බලන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
Tuesday, December 11, 2018
එහෙම කිවුවේ ඇයි
එහෙම කිවුවේ ඇයි? මේ නම තෝරා ගත්තේ විශේෂ කාරණයක් නිසා. මේ දවස් වල දේශපාලන වේදිකාවේ හැම පක්සේකටම අයිති දේශපාලනඥයි විවිධ අදහස් පළ කරනවා. සමහරක් ඒවා හුදු විනෝදාස්වාදය මත පදනම් වෙච්ච ඒවා. නමුත් සමහරුන්ගේ වචන වල යම්-යම් අරුත් ගැබ් වෙලා තියෙනවා. අපි මෙතැනදී කිසිම දේශපාලන මතයක් දරන්නේ නෑ. මෑතකදී අන්තර්ජාලයෙන් ලිපියක් කියවන්න ලැබුණා, ප්‍රභාකරන්ගේ විරුදින කතාව මත පදනම් වෙලා ඉදිරියේදී වෙන දේ අනුමාන කරන්න ගත් උත්සාහය සහ එහි සාර්ථකත්වය. අපිත් මෙතැනදී කරන්න හදන්නේ අන්න ඒ වගේ වැඩක්. මෙතැනදී අපි පූර්ව නිගමන වලට එල්බ ගන්නේ නෑ. නමුත් මේ මොහොතේ සිදු වෙන දේ අනුව වෙන්න යන දේ ගැන යම් අදහසක් ගන්නයි උත්සාහය. අපිට වරදින්න පුළුවන්. නමුත් මේ ඔස්සේ අත්දැකීම් සමග යම් දියුණුවක් ලබන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. අනිත් කාරණය තමයි කථිකයින් අතින් ඔවුන් නොහිතාම පිට වෙන වචන වලින් ඔවුන්ගේ සිතැඟි තේරුම් ගන්න තියෙන හැකියාව. අපි බලමු සමහරවිට පුළුවන් වෙයි.හැමෝටම ආරාධනය කරනවා මඩ නැති විද්වත් සංවාදයක යෙදෙන්න.
Subscribe to:
Post Comments (Atom)
සජිත් ප්‍රේමදාස : එහෙම කිවුවේ ඇයි ?
' සජිත් ප්‍රේමදාස මහතාගේ ට්විටර් පිටුවෙනි 2018 දෙසැම්බර් 10 වෙනිදා කථාවක් අතරතුර මෙන්න මේ වගේ අදහසක් එතුමා ඉදිරිපත් කළා "අපි...

-
එහෙම කිවුවේ ඇයි ? මේ නම තෝරා ගත්තේ විශේෂ කාරණයක් නිසා . මේ දවස් වල දේශපාලන වේදිකාවේ හැම පක්සේකටම අයිති දේශපාලනඥයි විවිධ අද...
-
' සජිත් ප්‍රේමදාස මහතාගේ ට්විටර් පිටුවෙනි 2018 දෙසැම්බර් 10 වෙනිදා කථාවක් අතරතුර මෙන්න මේ වගේ අදහසක් එතුමා ඉදිරිපත් කළා "අපි...
No comments:
Post a Comment